අගෝස්තු 23 වන දින සවස 5.32ට පමණ, ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය වන ISRO(Indian Space Research Organisation), එහි චන්ද්‍රයාන්-3 මෙහෙයුමේ ලෑන්ඩර් මොඩියුලය සඳ මතුපිටට සාර්ථකව ගොඩ බස්සුවේය. මෙය විශාල ජයග්‍රහණයක් වන්නේ මීට පෙර මෙය සිදු කර ඇත්තේ සෝවියට් සංගමය (1966 - Luna 9), ඇමරිකා එක්සත් ජනපදය (1966 - Surveyor 1) සහ චීනය (2013 - Chang'e 3) වැනි තවත් රටවල් කිහිපයක් පමණක් වන බැවිනි. ඒ අනුව සඳ තරණය කල හතරවන රට බවට ඉන්දියාව පත්විය. එමෙන්ම සඳෙහි අඳුරු ප්‍රදේශය වන දක්ෂිණ ධ්‍රැවයට ආසන්නයට යානයක් ගොඩ බැස්සවූ පළමු රට බවට ද ඉන්දියාව පත් විය.
0 Comments