මේ නාසා ආයතනයේ එල්ලා තියෙන පෝස්ටරයක්. ඒකෙ ඉන්නෙ මී මැස්සෙක්...... 🐝
ඉතින් නාසා ආයතනයට මොකටද මී මැස්සෙක් ඉන්න පෝස්ටරයක්.. ?දන්නවද, ඒක ඇතුලෙ හරි ලස්සන කතාවක් තියෙනවා.
ඔබ කවදාහරි අහලා තියෙනවද, වායු ගතිකව මී මැස්සෙකුගේ ශරීරය පියාසර කිරීමට සැදී නැති බව?,වාසනාවකට මී මැස්සොත් ඒක දන්නෙ නෑ.
භෞතික විද්‍යා නියමයන් නම් කියන්නෙ මී මැස්සෙකුට පියාසර කරන්න බෑ කියලා. ඒකට හේතුව වායුගතික මූලධර්මය අනුව උගේ විශාල ශරීර ප්‍රමාණයට සාපේක්ෂව පියාපත්වල පළල පියාසර කිරීමට ප්‍රමාණවත් නොවෙන තරම් කුඩාවීම. නමුත් මී මැස්සො දන්න භෞතික විද්‍යාවක් නෑ. උන් දන්න එකම දේ වෙන්නෙ ජීවත් වෙන්න සහ තම වර්ගයාගේ පැවැත්ම තහවුරු කරගන්න නම් පුලුවන් තරම් මධු තියෙන මල් හොයාගෙන පියාඹන්න ඕන කියලා විතරයි.
ලෝකයා කුමක් කීවත් ඕනෑම දුෂ්කරතාවයක්, ඕනෑම නරක තත්වයක් හමුවේ සෑම මොහොතකම අපි කරන්නත් ඕන ඒකයි. පියාපත්වල ප්‍රමාණය මොකක් වුවත් අපි හැමෝම මී මැස්සන් කියලා හිතුවොත් ඒක ලේසියි.
ඉතින් ජීවිතේ මොන තරම් බර වුනත්, ඔබේ සන්තකය මී මැසි පිහාටුවක ටත් වඩා කුඩා වුනත් ඒ ගැන හිතන්න එපා. ජීවිතේ රසවත් ව භුක්ති විඳින්න ඕන නම්,
එන්න අපි පියාඹමු....🐝🐝
0 Comments