QR Code සොයා ගැනීම

☑️ QR Code ක්‍රමය සොයා ගැනීමට පෙර භාවිත වූයේ බාර්කෝඩ් ක්‍රමයයි. නමුත් මෙහි දී වැඩි තොරතුරු ප්‍රමාණයක් ගබඩා කිරීමේ හැකියාව නොතිබූ නිසා යම් යම් අපහසුතා ඇතිවිණි. එම ගැටලු මඟහැරවා ගැනීමට සිදුකළ අත්හදා බැලීම්වල දී Deìo Wave සමාගමේ මසාහීරෝ හරා නම් පුද්ගලයෙකු QR Code ක්‍රමය සොයාගැනීමට හැකිවිය.

මෙය මුලින්ම නිර්මාණය වූයේ 1994 දී ජපානයේ මෝටර් රථ සමාගමක් වෙනුවෙනි. ඒ ඔවුන්ගේ භාණ්ඩ සහ වාහන කොටස් ලැයිස්තු ගත කර තබා ගැනීමේ ක්‍රමයක් ලෙසිනි. පසුව එය ක්‍රමයෙන් දියුණු වී ජනප්‍රිය තොරතුරු ගබඩා කිරීමේ ක්‍රමයක් ලෙස යොදා ගැනුණි. QR Code තුළ උපරිම වශයෙන් ඉලක්මේ 7089ක් ද අක්‍ෂර 4296 ක් ද ගබඩා කර තබාගත හැකිය..

Post a Comment

0 Comments