මී මැස්සන්ගේ ඇස් වලට රතු වර්ණය දැකීමේ හැකියාවක් නැත.
අප රතු පැහැයෙන් දකින සෑම ස්ථානයක්ම මේ මී මී මැස්සෙකුට පෙනෙන්නේ කළු පැහැයෙනි.
එසේ උවද මේ මී මැස්සන් හට මිනිසුන්ට මෙන් නොව පාරජම්බුල කිරණ දැකීමේ හැකියාවක් ඇත.
මේ පාරජම්බුල කිරණ මගින් මී මැස්සන් හට මල්වල ඇති ස්නායු මෙන් පෙනෙන රටා විශේෂයක් දැකීමට හැකිය.
සැබෑවටම මේ පෙනෙන රටා මගින් ඔවුන්ට මල්වල පැණි ඇති ස්ථාන පහසුවෙන් සොයාගෙන ඒවා රැගෙන යා හැකිය.
මල්වල මේ නහර මෙන් ඇති රටා මිනිසුන්ට නොපෙනෙන්නේ මිනිසුන්ට පාරජම්බුල කිරණ දැකීමේ හැකියාවක් නැති බැවිනි.

0 Comments