සිංහරාජ වන රක්ෂිතය

සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යානයකි… අන්තර්ජාතික වැදගත්කමක් උසුලන සිංහරාජ වන රක්ෂිතය, ජෛවගෝල රක්ෂිතයක් මෙන් ම ලෝක උරුම භූමියක් ලෙසට යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට ඇත… කඳු සහිත අදූෂිත වැසි වනාන්තරය හා පහත භූමි භාගයේ පිහිටි වැසි වනාන්තරවලින් සමන්විත ජෛව විවිධත්වය අවිධිමත් වාණිජ අතපෙවීම්වලින් ආරක්ෂා කිරීමට ලෝක ජෛව ගෝල රක්ෂිතයක් ලෙසට 1978 වර්ෂයේ දී නම් කළ අතර, 1989 දී ලෝක උරුම රක්ෂිතයක් ලෙසට නම් කරන ලදි… සිංහරාජ වන රක්ෂිතය නැගෙනහිර සිට බටහිර දක්වා කිලෝමීටර 21ක් (හැතැක්ම 13ක්) සහ උතුරේ සිට දකුණ දක්වා කිලෝමීටර 7ක් (හැතැක්ම 4ක්) පමණ විශාලත්වයෙන් යුතුවේ… එසේ වුව ද එම භූමි භාගය ඒකදේශික විශේෂයන්ගෙන්:- වෘක්ෂලතා, කෘමීන්, උභය ජීවින්, උරගයන්, පක්ෂීන් සහ ක්ෂීරපායින්ගෙන් අගතැන්පත් වේ.


Post a Comment

0 Comments