2011 වසරේ Edinburgh හි පැවති TEDGlobal සාකච්ඡාවකදී Harald Haas විසින් මුලින්ම හඳුන්වා දුන් මෙම Li-Fi යෙදුම LED විදුලි බුබුළු උපයෝගී කරගෙන ආලෝක තරංග මගින් දත්ත සම්ප්‍රේෂණය කරනු ලබයි.මෙය LED මගින් සම්ප්‍රේෂණය සිදුවන නිසාම Visible Light දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යක් ලෙස සලකනු ලැබේ.
දත්ත සම්ප්‍රේෂණයට යොදා ගන්නා LED බල්බ නැනෝ තත්පර කුඩා ප්‍රමාණයක් ඇතුළත නිවීමට හා දැල්වීමට සැලැස්වීමෙන් සම්ප්‍රේෂණ තරංග නිර්මාණය කරනු ලැබේ.එමෙන්ම එම ආලෝක තරංග ප්‍රතිග්‍රහනය කරනු ලබන්නේ Silicon Photo Diodes නම් ඩයෝඩයක් මගිනි.
Wi-Fi වලදී යොදාගන්නා රේඩියෝ තරංග මෙන් නොව Li-Fi වලදී භාවිතා කරනුයේ ආලෝක තරංග නිසා LI-Fi තාක්ෂණය ඉතාමත් වේගවත්ය.ඊට අමතරව රේඩියෝ තරංග යොදාගැනීමට නොහැකි තැන් වල පවා (විද්‍යාගාර,විකිරණශීලී පරිසර) මෙම Li-Fi යොදාගනිමින් අපට දත්ත සම්ප්‍රේෂණය කරගත හැකිය.
Copied From ICT අපි Facebook Page
0 Comments