පිලිපීන සමූහාණ්ඩුව බටහිර පැසිෆික් සාගරයේ ගිනිකොණ ආසියාවේ පිහිටි අලංකාර දූපත් රාශියකින් සමන්විත රාජ්‍යයකි.
පිලිපීනයේ අගනුවර වන්නේ මැනිලා නුවරයි. පිලිපීනයේ විශාලම නගරය කිවුසන් නගරය වේ. පිලිපීනයට අයත් භුමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 299,764 ක් වේ. 2007 වසර වන විට ජන සංඛ්‍යාංකය 88,574,614ක් වන අතර 2009 වන විට ජනගහන තක්සේරුව 91,983,000ක් වේ.
ඔබ පිලිපීනයට සවාරියක් ගොස් එහි දූපත්වල, දිනකට එක දූපතක් බැගින් නරඹමින් නොකඩවා සංචාරය කළද සියළුම දූපත් වලට ගමන් කර අවසාන කිරීමට ඔබට වසර විසි එකක් අවශ්‍ය වේ.
එමගින් පිලිපීනයේ කෙතරම් දූපත් ප්‍රමාණයක් ඇත්දැයි ඔබට සිතාගත හැකිවනු ඇත.
එලෙසම මේ දූපත් එකකට එකක් විවිධ අලංකාරත්වයකින්ද යුක්ත වේ.
0 Comments