ඉතාම සරලව කිව්වොත් බැලස්ටික් මිසයිලයක් කියන්නේ අපි අවුරුද්දට පත්තු කරන අහස් කූරකට සමාන දෙයක්. ප්‍රමාණයට හා තාක්ෂණයට අමතරව එකම වෙනසකට තියෙන්නේ අහස් කූර ඉහළ අහසට ගිහින් ඉහළදීම පුපුරන එක සහ බැලස්ටික් මිසයිලයක් ආපසු ඇවිත් පොළවේ ගැටෙන්න ආසන්න වෙද්දී පුපුරන එකයි. බොහෝ මිසයිල දියත් කරලා මුල්ම කොටසේදී ගමන් මග යම් වෙනස් කිරීමකට ලක් කරන්න පුළුවන් වුණත් එතැනින් එහාට සම්පූර්ණයෙන්ම වැඩේ තියෙන්නේ ගුරුත්වාකර්ෂණය අතේම තමයි. ඉතා විශාල රොකට් ඉන්ධන ප්‍රමාණයක් දහනය කරලා සුවිසල් වේගයක් ලබා ගන්නා මිසයිලය “උඩ පැන්නොත් බිම වැටේ” නියමට අනුව ගොඩාක් ඉහළ ගිහින් ආපහු ඉලක්ක කරපු ස්ථානයට වැටිලා පුපුරන එක තමයි බොහොම සරලව කිව්වොත් සිදු වෙන දේ. බැලස්ටික් කියන වචනයේ අර්ථයත් ගුරුත්වාකර්ෂණය පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන කියන එකයි.
0 Comments