මේ බේරෙ වැව 1521 දී පෘතුග්‍රීසීන් තමන්ගේ ආරක්ෂාව සලසගන්න ඉදිකරපු එකක්.
මේක වැවක් කිව්වට ගඳ ගහන කොළ පාට අමුතු place එකක්නේ.
ඔයාලට වුණත් ප්‍රශ්නයක් ඇති මේකේ වතුර කොළ පාට ඇයි කියලා.
දැන් මෙහෙම වුණාට ඒ කාලේ මේ වැව ගොඩක් ලස්සන තැනක් කියලා තමයි කියන්නේ.පෘතුග්‍රීසීන්,ලන්දේසීන් හා ඉංග්‍රීසීන් ඉතා හොඳින් මේක පවත්වාගෙන ගියා.නමුත් පසුකාලීනව කොළඹ නගරයේ සිදුවූ ශීඝ්‍ර නාගරීකරණයත් සමඟ මේ වැවේ ජලය ඉතාමත් දූෂිත තත්වයට පත්වුණා.ඒ නිසා වැවේ ජලයේ නීල හරිත ඇල්ගී වර්ධනය වෙලා තියෙනවා.ඒ ඇල්ගී තමයි කොළ පාටට පේන්නේ.සුපෝෂනය කියන්නේ මේකට
ඇයි මේක ගඳ?
සමහර අය හිතන් ඉන්නේ මේක කුණු දාන වැවක් නිසා ගඳ ගහනවා කියලා.ඒත් මේක ප්‍රධාන වශයෙන් ගඳ ගහන්න හේතුව තමයි ජල ස්ථරයේ උඩ නීල හරිත ඇල්ගී වර්ධනය වීම නිසා ජල ස්ථරයේ පහළට ආලෝකය ගමන් නොකිරීම නිසා එහි පවතින බැක්ටීරියා සල්ෆර් ඩයොක්සයිඩ් වායුව නිදහස් කිරීම.මේ වායුව අධික දුර්ගන්ධයක් සහිත වායුවක්.ඒ නිසා තමයි ගඳ ගහන්නේ.
Copied From WhatsApp Group – 2️⃣ ༺විශ්ව දැනුම් සාගරය🌎༺
0 Comments